වී මිලදී ගැනීම, සහල් නිෂ්පාදනය සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම බද්ධ පැනවීම හේතුවෙන් සෑම සහල් කිලෝග්‍රෑමයක් සදහා නිෂ්පාදකයින්ට රුපියල් 6 ත් 7 ත් අතර මුදලක් වැය කිරීමට සිදු වුණා.

කෙසේ වෙතත් ගොවී අස්වනු අලෙවිය ඉහළ නැංවීමේ අරමුණින් මෙලෙස සමාජ ආරක්ෂණ බද්ධ ඉවත් කිරීමට තීරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.

එම බද්ධ ඉවත් කිරීමත් සමග හාල් මෝල් හිමියන් විසින් වැඩි මිලට වී මිලදී ගනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව සමාජ ආරක්ෂණ බද්ධ අය කරනු ලැබූ මුදලේ වාසිය ගොවීන්ට ලැබෙනු ඇති.

මේ අතර වී මෝල් හිමියන් වී කෙටීමෙන් උපයන ආදායමෙන් 2.5% ක් සමාජ ආරක්ෂණ බද්ධ ලෙස අය කරනු ලැබුවා.

https://www.vnews.lk/storage/2023/02/BANDULA-GUNAWARDHNA-EDIT-02-1.mp3?_=1

WhatsApp Group

Skip to content