Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙරට වෘත්තිය සමිති විසින් අද සිට කළු සතියක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා .
ඒ එළඹෙන 1 වනදා පැවැත්වීමට නියමිත සංකේත වැඩවර්ජනයට සමගාමීවයි .

රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය මෙන්ම වෘත්තියවේදීන් ලබන මාර්තු පලමුවනදා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනු ඇති .

අදාළ ක්‍රියාවලිය සමගාමිව අද දහවල් 12 හේ සිට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ද පැවැත්වෙනවා.

ඒ සදහා සියලු වෘත්තීය සමිති සමග එක්වනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ.

වෛද්‍යවරුන් ඇතුලුව විදුලි, ජල, වරාය මෙන්ම අත්‍යාවශ්‍ය සේවාවන් රැසක් අද දිනයේ අඩාල වනු ඇති බවද ඔහු අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/02/RANJAN-JAYALAL-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content