කොටහේන ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

අධිකරණයේ නඩු කටයුත්තක් සදහා පුද්ගලයෙකු ත්‍රී රෝද රථයක යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෝටර් රථයකින් පැමිණි අයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනවා.

WhatsApp Group

Skip to content