Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ අද සිට දිවයිනම ආවරණය වන පරිදි මෙම පරීක්ෂා කිරීම් සිදුකරන බවයි.

දන්සැල් ලබා දෙන්නේ නම් ජනතාවට ඒ තුළින් සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා දීමට කටයුතු කරන ලෙස උපුල් රෝහණ මහතා දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් ද කළා.

මේ අතර දන්සැල් පැවැත්වීම , සැරසිලි සිදුකිරීම සහ බුදුරුව යොදා ගන්නා ආකාරය පිළිබද මාර්ගෝපදේශ මාලාවක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

කිසිවිටක බෞද්ධ කොඩිය සැරසිල්ලක් ලෙස යොදා ගැනීමෙන් වළකින ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.

මේ අතර වෙසක් පොහොය වෙනුවෙන් සිදුකරන වැඩහටන් පිළිබද විශේෂ අවධානයක් යොමු කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසුවේ ආගමට සහ සංස්කෘතියට නොගැලපෙන කිසිදු කටයුත්තක් සදහා ඉඩ නොදෙන බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content