කුරුණෑගල රෝහලේ අංක 72 වාට්ටුවේ රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයෙකුට හා වෛද්‍යවරියකට පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content