රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 8.00ට අවසන් කර තිබෙනවා.

රජය විසින් හඳුන්වාදුන් නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ දිවයින පුරා වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

කෙසේ වෙතත් අද දිනයේ වැඩ වර්ජනය අවසන් කළ ද සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුහොත් ඉදිරියේ දී සිය ක්‍රියාමාර්ග දැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content