සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තුන්වන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 182ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 183ක් ලබා තරගය ජයග්‍රහණය කළා.

ඒ අනුව තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ජය තරග 2 ට 1ක් ලෙස නවසීලන්තය විසින් හිමිකර ගත්තා.

WhatsApp Group

Skip to content