Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

චීන සංචාරකයන්, සංචාරය කළ යුතු රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා.
ඒ පෙබරවාරි මස හය වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි යි.

ශ්‍රී ලංකාවට අමතරව චීන රජය මගින් සංචාර සඳහා ඇතුළත් කළ රටවල් ලැයිස්තු ගත කර තිබෙනවා.

තායිලන්තය, ඉන්දුනීසියාව, කාම්බෝජය, මාලදිවයින, පිලිපීනය, මැලේසියාව, සිංගප්පූරුව, ලාඕසය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ඊජිප්තුව, කෙන්යාව, දකුණු අප්‍රිකාව, රුසියාව, ස්විට්සර්ලන්තය, හංගේරියාව, නවසීලන්තය, ෆිජී, කියුබාව සහ ආර්ජන්ටිනාව එම ලැයිස්තුවට ඇතුළත් රටවල් වනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ සීමිත රටවල් සංඛ්‍යාවක් පමණක් ඇතුළත් කර ඇති මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීම ද්විපාර්ශ්වික සමීප මිතුදම පිළිඹිබු කෙරෙන අවස්ථාවක් බවයි.

එසේම එම ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාව ඇතුළත් කිරීම සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරතුරුවම කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content