ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

වෘත්තීය පුහුණු හා අධ්‍යාපන ශිෂ්‍යත්වය ලබා දීම පිළිබඳ කොරියානු රජයට කෘතවේදීත්වය පළ කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී අදහස් පළ කළ අතර ඉදිරියේ දී ප්‍රශස්ත මට්ටමේ කොරියානු වෘත්තීය පුහුණු අවස්ථා සඳහා අදාළ වන පරිදි ශ්‍රී ලංකාවේ පුහුණු පාඨමාලා සැකසීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බව ද පැවසූ ඒ මහතා ඒ සඳහා එරටේ සහයෝගය අපේක්ෂා කරන බව ද පැවසී ය.

WhatsApp Group

Skip to content