කොළඹ වරාය නගරය වෙත අපනයන-අභිමුඛ ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමේ වැදගත් පියවරක් වශයෙන් CHEC Port City Colombo (Pvt) Ltd සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගියදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා සහ CHEC Port City Colombo (Pvt) Limited හි කළමනාකාර අධ්‍යක්ෂ Xiong Hongfeng මහතා මෙම අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබීය.

මෙහි වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් Hongfeng මහතා සඳහන් කළේ, “කොළඹ වරාය නගරය කලාපීය සැපයුම් ව්‍යාපාරික මධ්‍යස්ථානයක් සහ මූල්‍යමය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ වැදගත් ඉදිරි පියවරක් වන බැවින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ මෙම විශේෂ හවුල්කාරිත්වය ඇති කර ගැනීමට ලැබීම ගැන සතුටට පත්වන බවයි. දකුණු ආසියාවේ හදවත බඳු ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය තවදුරටත් ඉදිරියට ගෙනයාමට මෙම ආයතනවලට අවස්ථාව සලසා දෙන අතරම අපනයනය ඉලක්ක කරගත් ව්‍යාපාර සඳහා ක්‍රමෝපායික ස්ථානයක් ලෙස කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමට මෙම සහයෝගීතාවෙන් හැකි වන බව ද ඒ මහතා මෙහිදි සඳහන් කළේය.

WhatsApp Group

Skip to content