ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මුම්බායි පොලීසිය විසින් ඉන්දීය ජාත්‍යන්තර ගුවන්තොටුපලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගුවන් යානා අවසර පත්‍ර හුවමාරු කර ගැනීමේ චෝදනාව මතයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් සංචාරය කළ ශ්‍රී ලාංකිකයෙකු සහ ජර්මනියේ සිට ගමන්ගත් අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් ඉන්දියාවේ මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වැසිකිලියක දී ලන්ඩනයට සහ කත්මන්ඩු බලා යාමට සිය අවසර පත්‍ර හුවමාරු කරගෙන ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.

ශ්‍රී ලාංකිකයාගේ විදේශ ගමන්බලපත්‍රයේ පිටවීමේ මුද්‍රාව ව්‍යාජ ලෙස සකස් කර ඇති බව ගුවන් සේවා සමාගමේ නිලධාරියෙකු විසින් හඳුනාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ ඔහුගේ අවසර පත්‍රයේ මුද්දර අංකය ද ව්‍යාජ එකක් බවටයි.

 

WhatsApp Group

Skip to content