දිනේශ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් 140කගෙන් ප්‍රකාශ ගනී ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයින් 140 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

මේ අතර දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සිදුවූ ස්ථානයේ තිබූ ස්ථානීය සාක්ෂි, ඩී එන් ඒ පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ අවසර ලබා දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන කොට්ඨාසය පරීක්ෂණ සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content