Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 23 වනදායින් අවසන් කිරීමට නියමිත වනවා

මෙම ශිෂ්‍යත්ව ලබා දීම සිදු කෙරෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා 2021 – 2022 වසරේ පළමුවරට ඉදිපත්ව විභාගය සමත්ව 2024 වර්ෂයේ දී උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිදුන් සදහා සදහායි .

අදාළ ශිෂ්‍යත්ව අපේක්ෂකයන් අයදුම්පත්‍ර විදුහල්පති මගින් ලබාගෙන එය නිසි පරිදි සම්පූර්ණ කර ආදායම් තත්ත්වය පිළිබඳ ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව දෙසැම්බර් 23 වන දිනට පෙර විදුහල්පති වෙත භාර දිය යුතු වනවා .

ඒ අනුව එම අයදුම්පත්‍ර විදුහල්පතිවරු විසින් කලාප අධ්‍යාපන කාර්යාල හරහා ජනාධිපති කාර්යාලය වෙත භාර දීම සිදු වනු ඇති .

කෙසේ වෙතත් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම හේතුවෙන් අයදුම් පත් විශාල සංඛ්‍යාවක් සෘජුව ජනාධිපති අරමුදල වෙත ද යොමු කර තිබෙනවා .

මේ හේතුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව විධිමත්ව ඉටුකර ගැනීම සඳහා එම අයදුම් පත් සෘජුව ජනාධිපති අරමුදල වෙත යොමු නොකොට, අදාළ විදුහල්පතිවරු වෙත භාරදෙන ලෙස සියලු ශිෂ්‍යත්ව අපේක්ෂකයින් වෙත දැනුම් දී සිටිනවා.

ශිෂ්‍යත්ව සුදුසුකම් ලැබීමට නම් අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රු. 75,000/- නොඉක්මවිය යුතු අතර ඔවුන් රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු විය යුතුයි.

WhatsApp Group

Skip to content