අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 4825 කට අයත් පුද්ගලයින් 16,360 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය පැවසුවේ, එහිදි සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි.

දැඩි සුළගින් නිවාස 4385 කට අර්ධ හානි සිදුව ඇති අතර නිවාස සංඛ්‍යාව 5 කට පූර්ණ හානි සිදුව තිබෙනවා.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ ක්‍ළේ,අද දිනයේත් දිවයිනේ උතුර, උතුරු මැද ,නැගෙනහිර හා ඌව පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මේ අතර ශීත කාලගුණය තවදුරටත් පැවතිය හැකි බවද ඔහු සදහන් කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර, උතුර, උතුරු මැද, සඹරගමුව සහ මධ්‍යම පළාත් වලටත්, දකුණු පළාත ආශ්‍රිතවත් ශීත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.

සෙසු ප්‍රදේශ මේ වනවිට සාමාන්‍ය උෂ්ණත්වයට පත්වෙමින් ඇතැයි, කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළා .

https://www.vnews.lk/storage/2022/12/MERIL-MENDIS-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content