Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාවලිය දිනා ගත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20 ක මුදලක් ත්‍යාග ලෙස ලැබී තිබෙනවා. අනුශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 12.5 ක මුදලක් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

මෙහිදි අවසන් මහා තරගයේදී තරගයේ වීරයා බවට පත් වූ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ ඩෙවොන් කොන්වේට ඉන්දීය රුපියල් ලක්ෂ 5 ක මුදලක් හිමි වුණා.

මෙවර තරගාවලියේ හොදම ක්‍රීඩාංගණය සහ තණතීරුවට හිමි ත්‍යාගය මුම්බායි හි වංකඩේ ක්‍රීඩාංගණයට සහ කල්කටා හි ඊඩන් ගාර්ඩන් ක්‍රීඩාංගණයට ලැබී ඇති අතර ඒ අනුව ඉන්දීය රුපියල් ලක්ෂ 50 බැගින් එම ක්‍රීඩාංගන දෙකට මුදල් ලබා ත්‍යාග ලබා දී තිබෙනවා.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ සහ තරගාවලියේ වීරයා වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ශුබ්මන් ගිල්ට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ද, තරගාවලියේ වැඩිම කඬුලුලාභියා වූ මොහොමඩ් ශමීට ඉන්දීය රුපියල් ලක්ෂ 10 ද ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

තරගාවලියේ හොදම උඩපන්දුව රැක ගැනීමට හිමි ත්‍යාගය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ රෂීඩ් ඛාන්ට හිමි වූ අතර ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දීමට කටයුතු කළා.

තරගාවලියේ දිගම හයේ පහරට හිමි ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක ත්‍යාගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස්ට හිමි වුණා.

මේ අතර අවසන් මහා තරගයෙන් පසු අයි පී එල් තරගාවලියෙන් ඉවත් වීම පිළිබද චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ප්‍රකාශයක් කළා. ඔහු එහිදි සදහන් කළේ එළඹෙන අයි පී එල් තරගාවලියේදී ක්‍රීඩා කිරීමට තමා කැමැත්තෙන් පසුවන බවයි. කෙසේ වෙතත් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන තීරණය කර ඉදිරි මාස 7 ඇතුලත අවසන් තීරණය දැනුම් දෙන බවයි මහේන්ද්‍ර සිං දෝනි වැඩිදුරටත් සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content