Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුව මෙවර ඉන්දියාවේදී පැවැත්වෙනවා.

එහි සභාපතිත්වය මෙවර ඉන්දියාව විසින් හොබවනු ලබනවා.

ඒ අනුව විදේශ අමාත්‍යවරුන්ගේ හමුව ලබන මැයි මස 04 සහ 05 යන දිනවල ගෝවා හිදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඉන්දියාව විසින් ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකත්වය දරණ සියලු රටවලට විදේශ අමාත්‍යවරුන්ට ඒ සදහා සහභාගී වන ලෙස මේවනවිටත් ආරාධනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එලෙස ආරාධනය කළ විදේශ අමාත්‍යවරුන් අතර පකිස්තාන සහ චීනයේ විදේශ අමාත්‍යවරයද වනවා.

කෙසේවෙතත් ඒ සදහා විදේශ අමාත්‍යවරයා සහභාගී වන්නේ ද යන්න පකිස්තානය මෙතෙක් තහවුරු කර නැහැ.

WhatsApp Group

Skip to content