Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කොළඹ නාලන්දා විද්‍යාලයේ 88 ආදි ශිෂ්‍ය කණ්ඩායම 4 වන වරටත් සංවිධානය කරන මහේල-සංගා අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟයේ ජය අත් කර ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් වුණා.

කාසි වාසිය දිනූ නාලන්දා කණ්ඩායම ත්‍රිත්ව විද්‍යාලීය කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඒ අනුව ත්‍රිත්ව කණ්ඩායමට සියලු දෙනාම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 72ක් පමණයි.

රජිඳු තිලකරත්න ලකුණු 19 යි. පන්දු යැවීමේදී සජිත විතානගේ ලකුණු 14 ට කඩුලු හතරක් සහ මිනෝත් කල්දේරා ලකුණු 11 ට කඩුලු තුනක් බිඳ හෙළුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නාලන්දා කණ්ඩායම ලකුණු 172 ක් රැස් කර සිටියදී සියලු දෙනා දැවී ගියා. නායක සජිත විතානගේ ලකුණු 40යි. සදෙව් සමරසිංහ ලකුණු 34යි.

පන්දු යැවීමේදී වතිල උදාර ලකුණු 29 ට කඩුලු 5ක් බිඳහෙළුවා.

ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායම සිය දෙවැනි ඉනිම පන්දුවට පහර දීම ආරම්භ කළ අතර දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 109ක් රැස් කළා.

පන්දු යැවීමේදී සජිත විතානගේ හා මිනෝත් කල්දේරා කඩුලු 3 බැගින් ලබා ගත්තා.

තරඟය ජය ගැනීම සඳහා නාලන්දා විද්‍යාලයට අවශ්‍ය වූයේ ලකුණු අටක් පමණයි. ඒ අනුව නාලන්දා කණ්ඩායමේ රිසත් ජයරත්න එල්ල කළ හයේ පහරත් සමඟ කඩුලු 3ක් දැවී ලකුණු 11ක් ලබා ගනිමින් තරගයේ ජය අත්කර ගත්තා.

කුසලාන ප්‍රදානයද මෙහිදී සිදුවූ අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ආදී නාලන්දීය එයා වයිස් මාෂල් මුදිත මහවත්තගේ මහතා සහභාගි වුණා.

හොඳම පන්දු රකින්නා ත්‍රිත්ව විද්‍යාලයේ වාසිල උදාර.

හොඳම පන්දු යවන්නා නාලන්දා විද්‍යාලයේ මිනෝද් කල්දේරා.

හොඳම පිතිකරු නාලන්දා විද්‍යාලයේ සදෙව් සමරසිංහ.

තරගයේ වීරයා නාලන්ද විද්‍යාලයේ..සජිත විතානගේ.

WhatsApp Group

Skip to content