පානදුර ප්‍රදේශයේ පැවතී සංගීත ප්‍රසංගයක් අතර තුර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් එක පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

පානදුර උතුර පොලීසිය සඳහන් කලේ පලතුරු කපන පිහියකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, පරත්ත පාරේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයකු බව සඳහන්.

ඝාතනය සිදුකර ඇති තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට යොදාගත් පිහියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content