රුපියල් 7500 දීමනාවක් ඉල්ලා සංවර්ධන නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ආර්ථික සංවර්ධන නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ සේවය කරන සංවර්ධන නිලධාරීන් මෙම ක්‍රියාමාර්ගය සඳහා අවතීරණ වීමටයි කටයුතු කර ඇත්තේ.
එමෙන්ම අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වී දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ඉදිරිපිට විරෝධතා පැවත්වීමටද කටයුතු කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සදහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311