සමගි ජන බලවේගය පක්ෂයේ පිරිසක් ආණ්ඩුව සමග එක්වීමට සුදානම් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා .

ඔහු මේ බව සදහන් කලේ කොලොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් .

තම ආරක්ෂාව සහ අනාගතය තහවුරු කර ගැනීමේ අරමුණින් ඔවුන් මෙලෙස එක් වන බවයි අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩි දුරටත් සදහන් කලේ .

https://www.vnews.lk/storage/2023/04/ANURA-EDIT-.mp3?_=1

කෙසේ වෙතත් තම පාර්ශවයේ කිසිදු අයෙකු ආණ්ඩුවට එක් නොවන බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා .

ඔහු මේ බව සදහන් කලේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් .

මෙය වත්මන් ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රචාරණයක් බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කලේ

https://www.vnews.lk/storage/2023/04/THISSA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content