Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සන්නද්ධ කල්ලි දෙකකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් දස දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමග තියුණු ආයුධ තොගයක්ද පොලිස් භාරයට ගත බවයි කොළඹ අපරාධ කොට්ඨාසය පවසන්නේ.

පොලිස් භාරයට ගත ආයුධ අතර කඩු දෙකක්, මන්න පිහි හතරක් , කිනිසි දෙකක් ,යකඩ පොලු හයක් හා හොකී පිති තුනක් තිබී ඇති බව සඳහන්.

බොරැල්ල කිතුල්වත්ත සහ නාරහෙන්පිට මැනිං ටවුන් යන ප්‍රදේශ වල සිදුකළ වැටලීම් වල දී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට වසර දෙකකට පමණ ඉහතදී තරුණියක් මුල් කරගෙන එම ප්‍රදේශ දෙකේ දෙපිරිසක් අතර ගැටුම් පැවති අතර මෑතක දී මත්ද්‍රව්‍ය ජාවාරම මුල්කරගෙන ගැටුම් සිදුවී ඇතැයි පොලිසිය සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී තිබුනා.

අත්අඩංගුවට පත් වූවන් අතර මනුෂ්‍ය ඝාතනයක සැකකරුවකුද වන බව සඳහන්.

WhatsApp Group

Skip to content