සමනළ වැව ජලාශයෙන් විදුලිය උත්පාදනය කිරීම අවසන් අදියරට පැමිණ ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට පසුගිය දිනවල ලබා දී ඇත්තේ සියයට 0.3 ක විදුලි ධාරිතාවයක් පමණයි.

සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමෙන් පසු මේ වන විට එහි ජල පරිමාව මුහුදු මට්ටමේ සිට මීටර 424 යි දශම 5 දක්වා අඩුවී ඇති බවයි වාර්තා වන්නේ .

එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 73හි සියයට 27 යි දශම 3ක් දක්වා ජල ධාරිතාවය මේ වනවිට පහත බැස තිබෙනවා.

 

WhatsApp Group

Skip to content