Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබද සභාව කල් තැබීමේ දෙදින විවාදය අද ආරම්භවනවා.

අද පාර්ලිමේන්තු කටයුතු උදෑසන 09.30ට ආරම්භ වීමට නියමිතයි.

පළාත් පාලන මැතිවරණය පිළිබද විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී පසුගියදා ඉල්ලීමක් කළා.

ඒ අනුවයි මැතිවරණ කල් දැමීම පිළිබද දෙදින විවාදයක් ලබා දීමට තීරණය වුණේ.

මේ අතර ඊයේ දිනයේදී පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පාර්ලිමේන්තුවේදී අදහස් පලකළා.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට අභියෝග කරන ආකාරයෙන් කවුරුන් හෝ පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කටයුතු කරන්නේ නම් ඔවුන් මර්ධනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/03/PATALI-CHAMPIKA-EDIT.mp3?_=1

මේ විවාදයට එක්වෙමින අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා.

https://www.vnews.lk/storage/2023/03/MAHINDANANDA-ALUTHGAMAGE.mp3?_=2

WhatsApp Group

Skip to content