“සවියක් වී වී එෆ් එම්” ජාතික සත්කාරය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ අනුව 2023 වසර සදහා දියත් කරන සමාජ සත්කාරක වැඩටසහන් මාලාවේ පළමු අදියර හෙට පෙරවරු 9 සිට රත්නපුර පැල්මඩුල්ල මහජන පොළ පරිශ්‍රයේදී ක්‍රියාත්මකයි.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙහිදි රත්නපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල් සිසුන් වෙත අංග සම්පූර්ණ පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සිදු වනවා.

ලොව පුරා වෙසෙන වී එෆ් එම් ශ්‍රාවක පරිත්‍යාගවලින් මෙම ජාතික සත්කාරය සිදු කෙරෙනවා.

එහිදි පොත් බෙදා දීම, අක්ෂි සහ දන්ත සායන, ජීවන කුසලතා වැඩසටහන් සහ සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතයි.

 

 

WhatsApp Group

Skip to content