Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දේශීය සහල් සත්ව ආහාර සඳහා යොදාගත් සහල් ගඩබාවක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබෙනවා.

එහිදී සත්ව ආහාර සඳහා යොදාගත් සහල් මෙට්‍රික් ටොන් 21ක් සොයාගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 1977 දුරකථන අංකයට ලද තොරතුරක් මත ඒකල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අදාළ සහල් තොගය සොයාගෙන ඇති බව සඳහන්.

මේ වසරේ ජුලි මාසයේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව දේශීය හෝ ආනයනය කරන ලද සහල් සත්ව ආහාර සඳහා යොදාගැනීම තහනම් වනවා.

එම නියෝගය කඩකරමින් ගබඩාව භාර නිලධාරීන් කටයුතු කර ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් අදාළ ගබඩාවේ භාරකරු සහ කළමනාකරු බැදුම්කර මත නිදහස් කර තිබෙනවා.

ඒ අනුව අදාළ සහල් තොගය මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති අතර සැකකරුවන් ජනවාරි 06 වන දින වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැඩිි දුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content