සියලු පාසල් අද යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අද යළි විවෘත කෙරේ 3 වන වාරය අවසන් වන්නේ ලබන මස 24 වැනිදායි.

2023 වසරට අදාළ නව පාසල් වාරය ලබන මස 27 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා පළමු වසර සිසුන්ගේ නව පාසල් වාරයද ඊට සමගාමීව ආරම්භ කෙරේනවා .

මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කලේ නව පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන ලබන මස 27 වැනිදාට පෙර සියලු පෙලපොත් බෙදාහැර අවසන් කරන බවයි.

ප්‍රාථමික පන්තිවල සහ 6 වන ශ්‍රේණීයේ සිට 11 වන ශ්‍රේණිය දක්වා විෂයයන්ට අදාළ අත්‍යවශ්‍ය පෙලපොත්වලට මුලිකත්වය දෙමින් පෙලපොත් අවශ්‍යතාව සපුරාලීමට ක්‍රියාකෙරේන බවද ඔහු සදහන් කළා .

පෙලපොත් මුද්‍රණය සදහා මෙවර රජය රුපියල් කෝටි 1600 කට අධික පිරිවැයක් දැරූබවද අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළා .

WhatsApp Group

Skip to content