සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජී.එස්.විතානගේ මහතා වැඩ භාරගනු ලැබුවා.

ඒ මහතා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ 08 වන සභාපතිවරයායි.

ජී.එස්.විතානගේ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අතර – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පළමු උපාධිය ද , කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා තිබෙනවා.

1984 වසරේ දී රාජ්‍යය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක් වන විතානගේ මහතා – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති වරයා ලෙස ද සේවය කර ඇති අතර රාජ්‍ය සේවයේ වසර 37 කට අධික කාලයක් අත්දැකීම් ඇති නිලධාරියෙක්.

WhatsApp Group

Skip to content