සුඩානයේ යුද ගැටුම් අතරතුර ඉවත් කර ගැනුණු තුන්වන ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම මුදා ගෙන තිබෙනවා.
ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු මේ වන විට ජෙඩා නුවරට ළඟා වී තිබේන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ .

ඒ අනුව මේවන විට ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු සුඩානයෙන් ඉවත් කර ගෙන තිබෙනවා .
සුඩානයේ නීත්‍යනුකූල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් සහ සුඩාන රාජ්‍ය හමුදාව අතර ගැටුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ගැටුම් හේතුවෙන් මේ වනවිට සුඩාන වැසියන්ද ඇතුළුව ලක්ෂ 8 කට අධික පිරිසක් සුඩානයේ සිට අසල්වැසි රටවල් 7 කට පළාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත මධ්‍යස්ථානය පවසය.

WhatsApp Group

Skip to content