Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන ආයතන 20 ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාර ගැනීම ආරම්භ වු පෙරේදා දිනය තුළදීම බණ්ඩාරවෙල මහ නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් විසින් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ දිනයේදී ආරම්භ කළේ කළුතර දිස්ත්‍රික්කයෙන්.
තවත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වන විට පළාත් පාලන ආයතන 20 ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියා.
බදුල්ල, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන්.

එමෙන්ම තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ද ඊයේ දිනයෙන් ආරම්භ වුණා.
එම අයදුම්පත් භාර ගැනීම ලබන 23 වනදා මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන්වීමට නියමිත අතර එම දිනය කිසිසේත්ම දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

පෙරේදා දිනයෙන් ආරම්භ වු ඡන්ද විමසීමේ කාලසීමාව තුළ දේශපාලන පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමට හේතු වන, නැතහොත් වෙනත් පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂකයින් අගතියට පත්වන ආකාරයේ කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීමෙන් වැළකිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටිනවා.
එමෙන්ම ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත්‍රික්කවල රජයේ නිලධාරීන්, සේවකයින්, බඳවා ගැනීම් , උසස් කිරීම් සහ මාරු කිරීම් යන කරුණු සීමාකළ යුතු බව ද අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රමුඛ සියලු නිලධාරීන්ට කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය , නිදහස ජනතා සභාව සහ මහජන පක්ෂය ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා.
එමෙන්ම පාලන ආයතන ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට ඇති බලයට ආණ්ඩුව කිසිදු බාධාවක් සිදුනොකරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

 

WhatsApp Group

Skip to content