ONE ගෝල්ෆේස් ගොඩනැගිල්ලේ ආපන ශාලාවක් තුළ ආරවුලකට මැදි වූ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නා  බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

අද   පැවති මාධ්‍ය හමුවකදී  සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ අවධානය යොමුව ඇති බවයි..

එමෙන්ම සිදුවීමට සම්බන්ධ වූ නිලධාරීන් හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් ඉතා කඩිනමින් විමර්ශනයක් සිදුකර වගකීම්වලට යටත්විය යුතු සියලුදෙනා වැඩ තහනම් කිරීමකට හෝ සුදුසු දඬුවමකට යටත් කිරීමට පියවර ගන්නා බවයි ඒ  මහතා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content