සේපාල් අමරසිංහ මහතා පෙබරවාරි මස 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(31) නියෝග කර තිබෙනවා.

ශ්‍රී දළදා වහන්සේට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වන පැමිණිල්ල අද(31) කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

තමන් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිමට සැකකරු සූදානම් බවට සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ කියා සිටියා.

එසේම නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙවත කරුනු දැක්වීමටද බලාපොරොත්තු වන බවයි.

සැකකරුගේ කටහඬ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය පෙබරවාරි මස 2 වනදා සැකකරු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළා.

 

WhatsApp Group

Skip to content