බූස්ස බන්ධනාගාය තුල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ජංගම දුරකතන 07ක් ඇතුළු උපාංග කිහිපයක් සොයාගෙන තිබෙනවා.

මෙම වැටලීම ඊයේ දිනයේ සිදු කෙරුණු අතර බන්ධනාගාර විශේෂ අංශය තුළ ජේලර් විවේකාගාරයේ සිවිලිමේ තිබී ජංගම දුරකතන 06ක් සහ විශේෂ අංශයේ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක තිබිය දී තවත් ජංගම දුරකතනයක් සොයා ගත් බවයි වාර්තා වන්නේ .

අනතුරුව සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී මෙම දුරකථන සදහා අවශ්‍ය උපාංග කිහිපයක් ද සොයා ගැනුණා .

WhatsApp Group

Skip to content