හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේ හෝටලයක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ හෝටලයේ හිමිකරු රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

නවාතැන් ගැනීමට පැමිණෙන මුවාවෙන් පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු වෙඩි තැබීම සිදුකර කර තිබෙනවා.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා මාතර මහාධිකරණයේ විභාග වන නඩුවක සාක්ෂිකරුවෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි තබා පලාගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදාහ හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content