නදුන් චින්තක හෙවත් හරක් කටා යන පුද්ගලයන් සහ සළිදු මල්ෂික හෙවත් කුඩු සළිදු සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දින නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින අදාළ සැකකරුවන් දෙදෙනා රඳවා සිටින ස්ථානයෙන් පිටත රැගෙන යන්නේ නම් නිසි ආරක්ෂිත විධිවිදාන අනුගමනය කරන ලෙසටයි.

මෙම පුද්ගලයින් දෙදෙනා බොහෝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සැකකරුවන් දෙදෙනෙකු වනවා.

මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය සිදු කරනු ලැබුවේ සැකකරුවන් දෙදෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඇතු`ඵ නීතිඥ මඩුල්ලක් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමක් අනුවයි.

WhatsApp Group

Skip to content