ජාඇල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරියක වන චමාලි පෙරේරා මහත්මිය වෙනුවට එම තනතුරට වෙනත් අයෙකු පත් කිරීම වලක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා.

කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගෙන පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවටයි පෙත්සම්කාරිය විසින් අදාළ පෙත්සමෙන් දන්වා ඇත්තේ.

මේ අනුව අදාළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් එළඹෙන 03 වන දින දක්වා මෙම තහනම නිකුත් කර ඇති බව සදහන්.

 

WhatsApp Group

Skip to content