Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ හිමිනමක් ඇතුලු පුද්ගලයන් 07දෙනෙකු ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලෙන්බිදුණුවැව පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් හිමිනම හතලිස් හැවිරිදිවියේ පසුවන අතර, උන්වහන්සේ නිට්ටඹුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙහිදී අත්අඩංගුවට පත් අනෙකුත් සැකකරුවන් අවුරුදු 22ත් 48ත් යන වයස්වල පසුවන ගැටලාව, මෙගොඩවැව, නිට්ටඹුව සහ පස්යාල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවද පොලීසිය සදහන් කළා.

මෙම සැකකරුවන් අද කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content