Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තුන්වර වාරයේ පළමු අදියර යටතේ අද පාසල්වලට නිවාඩු ලබා දෙනවා.

ඒ අනුව හෙට සිට ලබන වසරේ ජනවාරි පළමු වනදා දක්වා නත්තල් නිවාඩුව හිමිවන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කලේ.

තුන්වන වාරයේ දෙවන අදියර ජනවාරි දෙවෙනිදා ආරම්භ කිරීමට නියමිතයි.

එය ජනවාරි 20 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා උසස් පෙළ විහාගය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එහිදී පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබාදී එහි ලකුණු වාර්තා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණය ක්‍රියාවට නංවන බවයි අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ.

එමෙන්ම නිවාඩු අඩුකර ලබන දෙසැම්බර් මාසය වනවිට පාසල් විෂය නිර්දේශ ආවරණය කර අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කිරීම අපේක්ෂාව බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.

WhatsApp Group

Skip to content