විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ ඒ අනුව බවත් එසේ නොමැති නම් පාර්ලිමේන්තුව හරහා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

13 වෙනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට බහුතරය අකමැති වුවහොත් සිදු වන්නේ එය ක්‍රියාත්මක කිරීම පමණක් බව ද පෙන්වා දෙනවා.

කෙසේ වුවද රට බෙදීමට කිසිසේත් සූදානම් නොවන බවත් කිසි විටෙක සිංහල ජාතිය පාවා දීමට කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා උපුටා දක්වමින් ජනාධිපති කාර්යාලය නිවේදනය කළා.

WhatsApp Group

Skip to content