Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එකම පවුලේ සිව් දෙනෙකුට තියුණු ආයුද වලින් පහර දී බරපතල තුවාල සිදු කිරීමේ පුවතක් බෙංගමුව පුහුල්හේන් වලකඩ ප්‍රදේශයෙන් වාර්තා වුනා. මෙලෙස බරපතල තුවාල ලබා ඇත්තේ 13 හැවිරිදි පාසල් සිසුවකු සහ ඔහුගේ මව පියා සහ සහෝදරියයි.

නිවසට ඇතුළු වූ මැර කණ්ඩායමක් විසින් මෙම පහර දීම සිදු කර ඇති බවයි ඌරුබොක්ක පොලීසිය පවසන්නේ. ඊයේ රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර අදාළ මැර කණ්ඩායම යතුරු පැදිවලින් පලාගොස් ඇති බව සඳහන්.

බරපතල තත්ත්වයේ පසුවන මව සහ පුත්‍රයා වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරු කර යවා ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content