Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර 20 ලෝක කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

පසුගිය දින වල පැවති එම කාණ්ඩයේ ලෝක කුසලාන තරගාවලිය තුළ ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා පදනම් කරගෙනයි මෙම කණ්ඩායම නම් කර ඇත්තේ.

ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහිතව නම් කර ඇති මෙම ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මෙම කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ තරගාවලිය පුරාවට තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ දෙව්මි විහංගා ක්‍රීඩිකාවයි .

ඇය අමෙරිකා එක්සත් ජනපදය සමග පැවැති පළමු තරගයේ දී ලකුණු 11 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අනතුරුව පැවති තරගයේ දී බංග්ලාදේශයට එරෙහිව අර්ධ ශතකයක් ද වාර්තා කිරීමට ද සමත් වුණා.

ඉතිහාසයේ පළමු වරට සංවිධාන කළ මෙම ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැති අතර, එහි ශූරතාවය දිනා ගැනීමට සමත් වුයේ ඉන්දිය 19 න් පහළ කාන්තා කණ්ඩායමයි.

WhatsApp Group

Skip to content