ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනා ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රුපියල් 20,000ක්ව පැවති ගර්භණී මව්වරුන්ගේ පෝෂණ දීමනාව රුපියල් 45,000 ක් දක්වා ඉහල දමා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ගර්භණී සමයේ මාස 6ක කාලයකුත්, කිරිදෙන සමයේ මාස 4කුත් ලෙස මාස 10 ක කාලයක් සඳහා ප්‍රතිලාභ හිමිවනු ඇති. මාසිකව රුපියල් 4500 බැගින් ගර්භණී මව්වරුන්ට එම පෝෂණ දීමනාව ලබාදීම සිදුකෙරෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කළා.
උණුසුම් පුවත්
- ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4,602 දක්වා ඉහළට
- ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297ක් වෙයි
- කොවිඩ් ප්‍රභේදයක් රටවල් 27ක පැතිරෙයි
- අපේක්ෂකයන්ගේ අවසාන මහා රැළි අද
- මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
- කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
- සුඩානයේ සාගතය ඉහළ යයි
- පාසලේ ෆෑන් විකුණා මත්ද්‍රව්‍ය ගත් අයෙක් අත්අඩංගුවට