2022 උසස් පෙළ විභාගයේ පෙරදිග සංගීත විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට දින ආරම්භ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට සිට ලබන මස 06 වැනිදා දක්වා අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමටයි මීට පෙර සැළසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් ගෘහ ආර්ථික විද්‍යාව, නාට්‍ය හා රංග කලාව යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ හෙට සිට නියමිත පරිදි පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කළා.

WhatsApp Group

Skip to content