Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2022 ජාත්‍යන්තර ජල සම්මන්ත්‍රණය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.

සමුළුව රත්මලානේ පිහිටි ජල සම්පාදන ජාත්‍යන්තර නව ශ්‍රවනාගාරයේදී ඊයේ ආරම්භ කෙරුනා.

රටවල් 48 ක් නියෝජනය කරමින් පානිය ජලය සම්බන්ධ ජාත්‍යන්තර විශේෂඥයන් සහ වෘත්තිකයන් 100 කට ආසන්න පිරිසක් ඊට සහභාගිවීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර නියෝජිතයන්ට අමතරව පානිය ජලය සම්බන්ධ ශ්‍රී ලංකාවේ විද්වත් වෘත්තිකයන් ඉංජිනේරු හා විශ්ව විද්‍යාල සිසුන් සම්මන්ත්‍රණයට සහභාගි වනවා.

පානිය ජලය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා සහ මෙරට වෘත්තිකයන් හා විශ්ව විද්‍යාල පර්යේෂකයන් සකස් කළ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කිරීම, සාකච්ඡා කිරීම හා දැනුම හුවමාරුවද සමුළුවට අයත්.

සම්මන්ත්‍රණය හෙට දිනයේත් ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content