2022 වසරේ අයි.සී.සී පන්දුවාර 20 කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද නිවේදනය කළා.

පසුගිය වසරේ දී ජාත්‍යන්තර 20යි 20 පිටියේ ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා මත පදනම්වයි මෙම නම් කිරීම සිදු කර ඇත්තේ.

ඒ අනුව ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් මෙම ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

අදාළ කණ්ඩායමේ අංක 9 ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග නම් කර තිබෙනවා.

එමෙන්ම කණ්ඩායමේ නායකයා ලෙස වත්මන් ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ නායක ජොස් බට්ලර් නම් කර තිබෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.

2022 වසරේ කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම සඳහා ක්‍රිකට් කවුන්සිලය මඟින් නම් කළ කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ඉනෝකා රණවීර ද ඇතුළත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content