2022-2023 වර්ෂය සඳහා පැවැත් වු ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් කියා සිටියා.

ශ්‍රි පාද වන්දනා වාරය අවසන්වීමත් සමග ශ්‍රි පාද උඩමළුවේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ රත්නපුර රජමාවත ඔස්සෙත්, කුරුවිට එරත්න මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය ලක්ෂපාන කළුගල අවිස්සාවේල්ල රත්නපුර යන මාර්ග ඔස්සේ වැඩම කිරීම අද (06) දින සිදු කෙරුණා.

ශ්‍රි පාද උඩමළුවේ  සිට නල්ල්තනනිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව , දේවාභරණ සහ පුජා භාණ්ඩවලින් කොටසක් ලක්ෂපාන යුධ හමුදා කඳවුරේ භට පිරිස් විසින් වැඩම කරනු ලැබුවා.

මාර්ග හතරක් ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කළ සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ හෙට (07) අළුයම තෙක් එහි තැන්පත් කර (06) දින රාත්‍රියේ සමන් දෙවියන් වෙනුවෙන් පැරණි චාරිත්‍ර අනුව ආගමික වතාවන් සහ දේව දාන ගණනාවක් පවත්වා හෙට (07) දින පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයේ සිට  ගල්පොත්තාවෙල  රජමහ විහාරස්ථානය දක්වා පෙරහැරකින් වැඩම කර සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් ගල්පොත්තාවෙල  රජමහා විහාරස්ථානයේ තැන්පත් කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් කියා සිටියේ.

ශ්‍රි පාද අවාරයේදි ශ්‍රි පාදස්ථානය කරුණා නොකරන ලෙසත්, එසේ ශ්‍රි පාදය කරුණා කරන්නේ නම් අදාල අංශ වෙතින් අවසර ලබාගෙන පරිසරය සහ ශ්‍රි පාදස්ථාන පුදබිම රැකගනිමින් ශ්‍රි පාදස්ථානය කරුණා කරන ලෙසයි ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් සියළු දෙනාගෙන් ඉල්ලා සිටියේ.

ශ්‍රි පාද වන්දනා සමය සාර්ථකව අවසන් කිරිමට උපකාර කළ පෞද්ගලික අංශයේ ආයතන කිහිපයකටම  නාහිමියන් විසින් උපහාර පුදා සහතික පත් පිරිනැමිණ.

මෙවර ශ්‍රි පාද වන්දනා සමග සාර්ථකව අවසන් කිරිමට උපකාර කළ පොලිසිය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය සහ පෞද්ගලික අංශයට, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සහ නන් අයුරින් උපකාර කල සියළු දෙනාට නායක හිමියන් සිය ස්තුතිය පුද කර සිටියා.

WhatsApp Group

Skip to content