2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වනවා.

තරගාවලිය සදහා රටවල් 10 ක් ක්‍රීඩා කරන අතර, ඉන්දියාව මෙවර ලෝක කුසලානයේ සත්කාරකත්වය දරනවා.

ඉන්දියාවේ ක්‍රීඩාංගන 10 කදී දින 46 ක් පුරා පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සදහා තරග 48 ක් ඇතුළත්.

මූලික වටයේ දී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් 9 සමගින් එක් තරගය බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 හිමි කර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනු ලබනවා.

තරගාවලියේ සමාරම්භක තරගය පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ලෝක ශූර එංගලන්තය හා අනුශූර නවසීලන්තය අතර අහ්මදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී අද පස්වරු 2ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සත්කාරක ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය ඕස්ටේ‍රලියාවට එරෙහිව චෙන්නායි හී දී ලබන 8 වැනිදා පැවැත්වීමට නියමිත අතර, බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තරගය වන ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ලබන 14 වැනිදා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ශ්‍රී ලංකාව සිය පළමු තරගයට ක්‍රීඩා කරන්නේ අනිද්දා දිනයේදී දකුණු අප්‍රිකාවට එරෙහිවයි. දිල්ලි හී දී එම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content