Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පසුගිය වසරට වඩා 2023 වසර සමස්ත ලෝකයටම දුෂ්කර වසරක් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජියොජියේවා පවසනවා.

ඇමරිකාව, යුරෝපා සංගමය සහ චීනයේ මන්දගාමී වර්ධනයක් පැවතීම ඊට හේතුව බවයි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ.

යුක්රේන යුද්ධය සහ ඉහළ පොලී අනුපාත හේතුවෙන් පසුගිය ඔක්තෝම්බරයේ ගෝලීය ආර්ථික වර්ධන අනුපාතය සියයට 2.7 ක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත් කළා.

එමෙන්ම ලෝකයේ දෙවන ආර්ථිකය හිමි චීනය කොරෝනා සෞඛ්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීමෙන් පසු ආසාදිතයන් ඉහළ යෑමෙන් වසර 40කට පසු පළමුවරට ආර්ථික වර්ධන වේගය අඩුවී ඇති බවයි ක්‍රිස්ටලීනා ජියොජියේවා ප්‍රකාශ කළේ.

එමෙන්ම යුක්රේන යුද්ධයෙන් යුරෝපා සංගමයේ ආර්ථිකයට එල්ලවූ දැඩි බලපෑමත් සමඟ දැඩි ආර්ථික අවපාතයක ලක්ෂණ පෙන්නුම් කරන බවයි ඇය කියා සිටියේ.

WhatsApp Group

Skip to content