ඉන්ධන මිල වාර්තා ගත ලෙස ඉහළ දැමීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ දැමීම යටතේ පාකිස්තාන පෙට්‍රල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 22කයි ශත විස්සකින් ඉහළ ගොස් ඇති අතර නව මිල සටහන වන්නේ පාකිස්තාන රුපියල් 272ක් ලෙසයි.
එමෙන්ම ඩීසල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 17යි ශත විස්සකින් ඉහළ දැමීමත් සමග එහි නව මිල සටහන් වන්නේ පාකිස්තාන රුපියල් 280ක් ලෙසයි.
එමෙන්ම භූමි තෙල් මිල ද පාකිස්තාන රුපියල් 12 ශත අනූවකින් ඉහළ දමා තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයේ දී එරට ගෑස් මිල ද ඉහළ දැමීමට පියවර ගැනුනා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311