Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

75 වන නිදහස් දින සමරු උත්සවයට සමගාමීව ලබන 02 දා සිට 19 වන දා දක්වා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සලසුම් කර තිබෙනවා.

ජනාධිපති කාර්යාලය සඳහන් කළේ විශේෂ දළදා පූජාව හා මහ පිරිත් දේශනාව, සර්ව ආගමික වතාවත්, නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය, ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන සාම්ප්‍රදායික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය, මහජනතාවට නොමිලේ ජාතික උද්‍යාන හා ජාතික සත්වෝද්‍යාන ප්‍රදර්ශනය, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම, මහනුවර ජනරජ පෙරහැර, දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිදහස් පාපැදි සවාරිය පැවැත්වීම ආදී විශේෂ වැඩසටහන් ඊට අයත් බවයි.

75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාව තුළ දැවැන්ත විරෝධයක් පවතින බව සිහිපත් කළ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ඒ කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් අදාළ වියදම් අවම කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/01/RANIL.mp3?_=1

නිදහස් දින සැමරුම් උත්සවය පිලිබඳ පැවති පූර්ව සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ පිලිබඳ අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/01/RANIL_NIDAHASA.mp3?_=2

WhatsApp Group

Skip to content