Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වාර අවසාන කර ඇති පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා යළි විවෘත කරන අවස්ථාව වර්ජනය කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය තීන්දු කොට තිබෙනවා.

පක්ෂ පැවැති විශේෂ සාකච්ඡාවකදී සමගි ජන බලවේගය මෙම තීන්දුව ගෙන තිබෙන බව සදහන්.

එමෙන්ම ජනාධිපතිවරයාගේ රාජසන කතාව සම්බන්ධ කිසිදු අවස්ථාවකට සහභාගී නොවී සිටීමේ තීන්දුවක්ද එම පක්ෂය විසින් ගෙන ඇති බව වාර්තා වනවා.

මේ සමබන්ධයෙන් සමගි ජන බලවේගයේ පර්ලිම්නේතු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2023/02/CHAMINDA-WIJESIRI-EDIT-.mp3?_=1

මේ අතර රාජාසන කතාවේදී ඡන්දය කල් දැමීමේ යෝජනාවක් ගෙන ඒමේ සුදානමක් පවතින බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා .

එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී .

https://www.vnews.lk/storage/2023/02/DAYASIRI-JAYASEKARA-EDIT-.mp3?_=2

පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාගේ වැටුප මාස දෙකකට නතර කර එම වියදමින් හෝ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස කදුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වි.රාධා ක්‍රිෂ්ණන් මහතා අවධාරණය කළා.

පළාත් පාලන මැතිවරණය පැවැත්විමට මැතිවරණ කොමිසම වෙත රජයේ මුදල් ප්‍රතිපාදන ලබාදිම ප්‍රමාද කිරිම තුලින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්විමට පියවර ගනිමින් සිටින බවට පෙනි යන බවයි ඔහු පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/02/RADHA-KRISNANAN-EDIT-.mp3?_=3

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයට මුදල් ලබානොදීමේ යෝජනාවක් ලබන 8 වනදා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කිසිඳු සූදානමක් නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/02/RANJITH-SIYAMABALAPITIYA-EDIT-.mp3?_=4

මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බව නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසනවා.

ඔහු මේ බව අවධාරණය කළේ එකම රටක් – එකම දැයක්- එකම නීතියක් මූලික කරගත් විනිවිද පදනම කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

https://www.vnews.lk/storage/2023/02/NAGANANDA-EDIT-.mp3?_=5

WhatsApp Group

Skip to content